Saturday, February 2, 2013

3 Tier Business Application - part i



ලෝකයේ බහුලතම භාවිතාවන ක්‍රමය මෙය වන අතර මෙවැනි දෙයක් නිර්මාණයට හේතු පාදක වුයේ මෘදුකාංග  නිර්මාණ කරුවන්ට අවශයවුවා එක් ස්ථානයක ඇති Application එකක් Client ලා ගොඩකට එකවර Access කිරිමේ හැකියාව ලබාදිමටය.නමුත් එ සදහා 2-Tier System එක සුදුසු වුවද Application  එකේ මතු පැවත්ම උදෙසා එ සදහා 3-Tier System  යොදාගන්නා ලදි.1-Tier System එකේ ලොකු දුර්වලතාවයක් වුයේ Clients ගොඩකට එක වර Access කිරිමේ නොහැකියාව හා යාවත්කාලින කිරිම් වලදි Clients හට Developer සොයා යැම හෝ වෙන අයුරකින් Download කර Install කිරිම වගේ දෙවල්ය..




2-Tier System වලදි Clients ගොඩකට එකවර Access කිර්ම කල හැකි නමුදු යාවත්කාලින
ක්‍රියාවලියෙදි  Developers හට ගැටලු රැසකට මුහුන පැමට සිදුවිය..
නමුත් මෙමෙ 3-Tier System ක්‍රියාවලියෙදි Developers  හා Clients  හට එසේ  ගැටලු සිදුනොවුන තරම්ය..



Database Tier (Database Layer)
 
මෙහි Database Tier එක භාවිතා කරනුයේ අපගේ Application එකට අවශ්‍ය Database එක පවත්වාගෙන යැමටය..මෙම database එක ORACLE,MySQL,MSSQL..etc විය හැකිය. මෙම Database tier එක Middle tier එකට සම්බන්ධ කිරීමට බොහෝවිට XML යොදා ගනී.

Client Tier (Presentation Layer)

මෙය Client භාවිතා කරන interface එක වේ,මෙය implement කිරීමට C#,Java,HTML,Asp.Net,Python, වැනි මෘදුකාංග භාවිතා කරන අතර  මෙම Client application එක Middle tier එකට සම්බන්ධ කිරීමට HTTP request යොදා ගනී.

Middle Tier (Business Logic / Application Layer)

මෙය ගොඩක් වෙලාවට web service එකක් වේ ,මෙය implement කිරීමට Java Web,J2EE(EJB),php,  Asp.Net Web services යොදා ගන්නා අතර,මෙම application එක run කිරීමට application servers යොදා ගනී ,මේ සදහා ලොව බහුලව භාවිතා කරනුයේ Apache Http,Apache tomcat, Glass Fish,IIS,JBOSS යන ඒවාය.( මිට අමතරව තව බොහෝ ඒවා ඇත )

මුලික වශෙයන් මම මෙහිදි භාවිතා කරනුයේ 

Client Tier - C#
Middle Tier - JBOSS/IIS/Glass Fish
Database Tier - MySQL

IDE - Visual Studio 2012 and Netbeans 6.9

  
පළමු පියවර ලෙස මෙම මෘදුකාංග Install කිරීම හා Configure කිරීම බලමු




Sinhala Support


Followers

Designed By Seo Blogger Templates