Friday, March 29, 2013

Linux OS එකට ORACLE Java Install කරමුද ?



හැමෝම ඉතින් Windows වල Java install කරන්න දන්නවා ඇතිනේ ... එකත් අමතයි වගෙනම් මේක බලන්නකෝ ඉස්සෙල්ලාම 

Windows වලට ORACLE Java install කිරීම

ORACLE Java ගැන අමුතුවෙන් සදහන් කරන්න අවශ්‍ය නැනේ ... හැමෝම වගේ එක ගැන දන්නවානේ,open office හා ORACLE අතර පොඩිපහේ ගැටලුවක් පැනනැග්ග නිසා Linux  විසින් ORACLE Java වෙත සහය දැක්වීම අඩුකර ඒ වෙනුවට open jdk වලට සම්පුර්ණ සහයෝගය දක්වන බව කතාවක් තියනවා..කතාමොකක් උනත් අපි දාන්න කියන ORACLE Java install කරන්නේ කොහොමද කියලයි මම අද කියලා දෙන්නේ ...



---> Linux OS එකට log වෙලා "terminal" එක open කරගන්නකෝ ඉස්සෙල්ලාම 


  • ඉස්සෙල්ලාම තමන් පාවිච්ච් කරන Linux OS එකහි bit version එක බලාගමු මොකද එක ගොඩක් වැදගත් වනවා අපේ installation එකට, එකට පහත command එක terminal එකේ enter කරන්න 



file /sbin/init 

  • සමහර Linux OS සමගම open jdk package එක install වෙලාම පැමිණේ , එය බලාගැනීමට 

java -version 

මෙහම message එකක් එනවා කියන්නේ open jdk install වෙලාතියනවා කියන එකයි

java version "1.6.0_21"

OpenJDK Runtime Environment (IcedTea6 1.10pre) (6b21~pre1-0lucid1)
OpenJDK 64-Bit Server VM (build 19.0-b09, mixed mode)



  • open jdk package එක නිසා සමහර වෙලාවට එක එක ලෙඩ වැටෙන්න පුලුවන් ඉතින් එකට open jdk සම්පුර්ණයෙන්ම මකන්න වෙනවා එකට 

sudo apt-get purge openjdk-\* 

මේ command එක enter කලවිට ඔබෙන් එක තැනකදී අසයි  completely  remove කරන්නද කියලා එතකොට "y" press කරන්න 


  • install කරන්න කලින් අදලා folder එක හදාගෙන ඉමුකෝ 

sudo mkdir -p /usr/local/java


  • දැන් ඉතින් java එහෙම download කරගන්න එපැයි , එකට පහත download link එක click කරන්න 
   


තමා install කිරීමට බලාපොරොත්තු වන linux සංස්කරණය download කරගන්න 

සැයු : 
tar.gz පමණක් download කරගන්න  


  • ඒ download කරගත් සංස්කරණය තමන්ට පහසු ස්ථානයක save කරගෙන terminal එක හරහා එයට පිවිසෙන්න,මගේ විදියටනම් 
cd /home/kavinda/Downloads

දැන් install කිරීම පටන්ගමු

කලින් download කරගත් file එක move කිරීම හා ඒ ආදාල folder එකට ගමන් කිරීමට පහත command භාවිතා කරන්න 

  • sudo -s cp -r jdk-7u17-linux-i586.tar.gz /usr/local/java

  • cd /usr/local/java


  • එම file එක extract කර install කිරීම හා අනවශ්‍ය files delete කිරීම සදහා පහත command පිළිවලින් භාවිතා කරන්න 

 
  • sudo -s chmod a+x jdk-7u17-linux-i586.tar.gz

  • sudo -s tar xvzf jdk-7u17-linux-i586.tar.gz

  • sudo rm jdk-7u17-linux-i586.tar.gz

  • නියම විදියට extract වීම සිදුවී ඇතිදැයි බලාගැනීමට හා ඉදිරි පියවර සදහා 

ls -a

මේ command එක enter කලවිට ඔබට පහත output එක දැකගත හැකිය 
jdk1.7.0_17  


  • install කරා වගේ නෙවෙයි path එහෙමත් හදන්න එපැයි ..
sudo gedit /etc/profile
හෝ
sudo nano /etc/profile

යොදාගන්න, gedit නම් වඩා ලේසියි...

gedit යොදාගත්තනම් ඔබට text  editor  එකක් open වෙයි , එහි අවසාන line එකට ගිහින් පහත path එක enter කරන්න 


  • JAVA_HOME=/usr/local/java/jdk1.7.0_17

  • PATH=$PATH:$HOME/bin:$JAVA_HOME/bin

  • export JAVA_HOME

  • export PATH 

highlight කලේ ඇයි කියන එක ඔබට තේරෙයි ඔබට මේ installation එකට වැටහුනානම් (මම install කරන්නේ jdk 1.7.0_17 නිසා)

දැන් එම file එක save කර exit වෙන්නකෝ.....



  • දැන් ඉතින් install කරපු oracle java එක Linux පද්ධතියට හදුන්වා දෙන්නත් එපැයි..එකට පිළිවලින් පහත command enter කරන්න(මෙහදී compiler,web,runtime එක හදුන්වා දෙනුලැබේ)

  • sudo update-alternatives --install "/usr/bin/java" "java" "/usr/local/java/jdk1.7.0_17/bin/java" 1

  • sudo update-alternatives --install "/usr/bin/javac" "javac" "/usr/local/java/jdk1.7.0_17/bin/javac" 1

  • sudo update-alternatives --install "/usr/bin/javaws" "javaws" "/usr/local/java/jdk1.7.0_17/bin/javaws" 1

  • ඒ වගේම ඒ හැමදේම default බවටත් පත්කරන්න ඔනිනේ එකට පහත command යොදාගන්න(මෙහදී compiler,web,runtime එක default කරනුලැබේ)

  • sudo update-alternatives --set java /usr/local/java/jdk1.7.0_17/bin/java

  • sudo update-alternatives --set javac /usr/local/java/jdk1.7.0_17/bin/javac

  • sudo update-alternatives --set javaws /usr/local/java/jdk1.7.0_17/bin/javaws

දැන් install කරගෙන අවසානයි .. පරිඝනකය restart කරලා terminal එකේ "java -version" enter කලවිට ඔබට පහත පණිවිඩය දැකගත හැකිය

java version "1.7.0_17"
Java(TM) SE Runtime Environment (build 1.7.0_17-b21)
..

හෝ ඔබ සතු java code එකක් run කර බලන්න ......




Sinhala Support


Followers

Designed By Seo Blogger Templates