Wednesday, May 1, 2013

මොකක්ද මේ 32 bit හා 64 bit කියන්නේ ??



පරිඝනක පාවිච්ච් කරන ගොඩක් දෙනාට තියන ලොකු ගැටලුවක් තමයි මේ 32/64 bit හුටපටය.මේ 32 bit හා 64 bit අතර ඇති වෙනස සරලව කියනවානම් ඒවා නිරිමාණයෙදී කරනු ලබන Architecture එකෙහි වෙනසයි.මෙම වෙනස නිසාම 32 bit වලට වඩා වැඩි මතක ප්‍රමාණයක් 64 bit වලින් හැසිරීම කල හැකිය.



මෙම 32/64 bit කතාව මෘදුකාංග වලට මෙන්ම දෘඩාංග වලටද බලපානවා.විශේෂතත්වය නම් 64 bit දෘඩාංග වල 32 bit මෘදුකාංග run කිරීම සිදුකල හැකිවීමය.උදාහරණයක් විදියට ඔබ සතුව 64 bit පරිඝනකයක් ඇත්නම් ඔබට එහි 32 bit OS එකක් (Windows or linux) පහසුවෙන් install කර භාවිතයට ගත හැකිය..නමුත් ඔබ එහි 64 bit OS එකක් install කලහොත් සමහර 32 bit මෘදුකාංග පමණක් run කල හැකිය ( ex : firefox,chrome,winrar...etc) නමුත් virus guard වගේ දේවල් වැඩ නොකරයි..



සාමාන්‍යයෙන් ප්‍රොසෙසරය වැඩියෙන්ම ගණු දෙණු කරන්නේ පරිගණකයක තාවකාලික මතකය ( RAM )සමගය.  Windows  32 bit සංස්කරණයකින් හැසිරවිය හැකි උපරිම මතක ධාරිතාවය වන්නේ 3GB. නමුත් 64 bit   Windows  සංස්කරණයක 4GB සිට 128GB දක්වා RAM ධාරිතාවක් පහසුවෙන් හැසිරවිය හැකියි.
පැහැදිළිව පෙනෙන ලෙසටම 64 bit  මෙහෙයුම් පද්ධතියක් 32 bit මෙහෙයුම් පද්ධතියකට වඩා කාර්‍යක්ෂමව ‍Processer හා RAM මතකය අතර වැඩ කටයුතු කරනවා.Linux මෙහෙයුම් පද්ධතියද ඊට සමාන අගයන් අතර ගනී 


64-bit මෙහෙයුම් පද්ධතියක් භාවිත කිරීමේ වාසි

ප්‍රධානම වාසිය වන්නේ RAM මතකය කාර්‍යක්ෂමව කළමනාකරණය කිරීමේ හැකියාවයි.
Kernel Patch Protection හා hardware-backed data execution protection සඳහා සහය දැක්වීම, driver signing අනිවාර්‍ය වීම වැනි කාර්ණා නිසා පරිගණකයේ ආරක්ෂාව තහවුරු වීම.64 bit වෙනුවෙන්ම සකස් කරනලද වැඩසටහන් ඉතා කාර්‍යක්ෂමව ධාවනය කළ හැකි වීම.

64-bit මෙහෙයුම් පද්ධතියක් භාවිත කිරීමේ අවාසි

සඳහන් කළ යුතු අවාසියක් නැතත් 64 bit මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමේදී සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.ඔබගේ දෘඩාංග සඳහා භාවිතා වන 64 bit Drivers තිබිය යුතුයි. 32 bit සඳහා වූ  Drivers  64 bit  සමඟ භාවිතා කළ නොහැකියි.පැරණි දෘඩාංග 64 bit සමඟ නොගැලපිය හැකියි.
දෘඩාංග සඳහා භාවිතා වන ඩ්‍රයිවර්ස් digitally signed ම විය යුතුයිසමහර පරිගණක වැඩසටහන් 64 bit සමඟ නොගැලපේ.

පරිඝනකය සහය දක්වන්නේ 64-bit ද 32 bit ද කියලා හදුනාගැනීම 


 ඔබ භාවිතා කරන්නේ Windows OS එක නම්
  • key board එකේ "Win key" + R press කරන්න
  • ලැබෙන window එකේ cmd කියල type කර enter කරන්න 
  • අනතුරුව ලැබෙන window එකේ systeminfo කියලා type කර enter කරන්න
එවිට සියලුම මෘදුකාංග හා දෘඩාංග ගැන විස්තර ලබාගත හැකිය 

ඔබ භාවිතා කරන්නේ Linux නම් 
  • Terminal එක open කරගන්න 
  • cat /proc/cpuinfo – CPU information
    cat /proc/meminfo – Memory information
යන command  භාවිතා කරන්න ,එවිට සියලුම මෘදුකාංග හා දෘඩාංග ගැන විස්තර ලබාගත හැකිය 

" මෙය ඉතා සරලව පැහැදිලි කිරීමක් පමණයි ....ඉතා ගැඹුරට විහිදෙන මතෘකාවකි මෙය"



Sinhala Support


Followers

Designed By Seo Blogger Templates